Sl Computer
පරිගණකයක් යනු කුමක් ද? පරිශීලකයා විසින් ආදානය කරනු ලබන හෝ පද්ධතිය විසින් රැස්කර ගනු ලබන දත්ත ලබා ගෙන එම දත්ත පරිශීලකයා විසින් දී ඇති උපදෙස්වලට අනුව සකස් කරමින් ඔහුට/ඇයට අවශ්‍ය ආකාරයේ තොරතුරු ප්‍රතිදානය කරන, විදුලි බලයෙන් ක්‍රියාත්මක වන උපකරණයක් ලෙස පරිගණකය හැඳින්විය හැකි ය. එය ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් උපාංගයක් ලෙස හදුන්වනු ලබයි. එයට හේතුව පරිගණකය නිපදවීමේ දී ඉලෙක්ට්‍රෝනික තාක්ෂණය හා ඩිජිටල් සංකල්පය යන දෙකම භාවිතා කර තිබීමයි. පරිගණකය මගින් සිදු කරනු ලබන්නේ එයට ලබාදන දත්ත සමූහය (Data) යම් සැකසීමේ ක්‍රියාවලියකට ලක්කොට (Process) එමගන් වැදගත් තොරතුරු සමූහයක් (information) පිටතට ලබා දීමයි. පටුන 1 පරිගණකයේ ඉතිහාසය 2 පරිගණක ක්‍රියා කරන ආකාරය 3 පරිගණක පද්ධති 4 ගබඩා කල වැඩසටහන් සංකල්පය 5 පරිගණක වැඩසටහන්/ ක්‍රමලේඛ 6 මේ අඩවිත් බලන්න 7 අඩවියෙන් බැහැර පිටු 8 තවද බලන්න පරිගණකයේ ඉතිහාසය මූලික ලිපිය: History of computing ජැකාර්ඩ් රෙදි වියනය (Jacquard loom) මුල්ම ක්‍රමලේඛ කළ හැකි උපකරණ අතරින් එකකි. පළමු පරිගණක ලෙස එක් උපකරණයක් නම් කිරීම අපහසුය. මන්දයත් ‘පරිගණකය’ යන වදන කාලාන්ත...